වී වගාවෙන් වැඩිම අස්වැන්නක් ලැබෙන නව වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය නඟා සිටුවීම පිණිස ඉදිරි වසර 10 ඇතුළත හෙක්ටයාර් එකකට ලැබෙන වාර්ෂික වී අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විධිමත් සැලසුමක් සකස් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පවසයි.මෙම වැඩ පිළිවෙල යටතේ වසර තුනකදී ටොන් 4.7ක් දක්වාත්, වසර පහක් ඇතුළත ටොන් 5.1ක් දක්වාත් , වසර 10ක දී ටොන් 5.5ක් දක්වාත් වී අස්වැන්න ඉහල නැංවීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඇය කියයි.ඒ අනුව බීජ නිෂ්පාදනය, පාංශු පරීක්ෂාව, කාබනික හා රසායනික පොහොර ඵලදායීව යොදා ගැනීම, වී වගාවට නව තාක්ෂණය හඳුන්වා දීම, අස්වනු අලෙවි කිරීම හා කල් තබා ගැනීම හා කෘමිනාශක හා වල්නාශක භාවිතය ආදි සෑම අංශයක්ම ඉලක්ක කරමින් මෙරට වී වගාව පුළුල් කිරීමට අවධානය යොමු කර තිබෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය කියයි.මේ අතර බතලගොඩ වී පර්යේෂණායතනය විසින් නිපදවා ඇති ඹ්ඝ් 369 නැමැති වී ප්‍රභේදය බස්නාහිර පළාතේ කුඹුරු වලින් ඉහළම වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිර්දේශ කළ හැකි බවත්, එම වී ප්‍රභේදය මගින් හෙක්ටෙයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා කියයි. මෙම වසරේ බීජ වී නිෂ්පාදනය සඳහා හෙක්ටෙයාර් 8000ක් වෙන් කෙරෙන අතර ඒ සඳහා ගොවින් 10,000කට විශේෂ පුහුණුවක් ද ලබා දීමට නියමිත බව ද ඒ මගින් සමස්ත බීජ වී අවශ්‍යතාවයෙන් සියයට 25ක් නිපදවීම ඉලක්ක කර ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලීන පුවත්