වී සඳහා වන නව සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.වී නිෂ්පාදනය සඳහා වැය වෙන පිරිවැය පිළිබඳව මෙම දිනවල පරීක්ෂා කරමින් යන බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ එමගින් ගොවියාට ඉතා සාධාරණා ලාභයක් ලබාදීමට කටයුතු කරන බවකි.ඒ සමගම හාල්වල මිල ඊට සරිලන ලෙස තීරණය කරන බවත් එමඟින් පාරිභෝගිකයා ආරක්ෂා කරන බවත් ඔහු සඳහන් කරයි.මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහ මෝල්හිමියන්ට මෙන්ම අවස්ථාව කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට ද අවස්ථාව ලැබෙන බව පැවසු නියෝජ්‍ය ඇමතිවරයා එහිදී කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමේ වැඩසටහනක්ද රජය සකස් කර තිබෙන බවත් පවසයි. දැනට රටතුළ පවතින සහල් ප්රශ්නය ඉදිරි සති තුන ඇතුළතදී විසඳෙන හෙයින් ඉදිරියේදී එය සාකච්ඡාවෙන් බැහැර වන මාතෘකාවක් විය හැකි බවද කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියි.