වී වවන්න බැරි කුඹුරු මුං වගාවට

වාරි පහසුකම් මඳවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි කුඹුරු වල මුං වගාව ප්‍රවර්ධනය කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

යල කන්නයේ වී වගා කළ නොහැකි කුඹුරු වල සේම අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගා කිරීම සඳහා අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

කාලීන පුවත්