මෙවර අස්වනු ලැබෙමින් පවතින මාස් කන්නයේ වී සඳහා සහතික මිලක් නියම කිරීම සම්බන්ධයෙන් රජය අර්බුදයකට මුහුණපා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.වී කිලෝවක් නීපදවීම සඳහා ගොවීන්ට රුපියල් 110-115ක පමණ මිලක් වැය වූ බව පෙන්වා දී ඇති පසුබිමක ඊට සාපේක්ෂව වී සඳහා සහතික මිලක් නියම කිරීමට නොහැකි වීම රජයට ගැටළුවක් වී තිබේ. වී කිලෝවක නිෂ්පාදන පිරිවැය හා එයින් තුනෙන් එකක මුදලක් එක් කර වී සදහා සහතික මිල ගැසට් කරන බව රජය ප්‍රකාශ කළ ද ගොවීන් පෙන්වා දෙන්නේ රුපියල් 110-115ක නිෂ්පාදන වියදම පිළිගතහොත් වී සඳහා වන සහතික මිල රුපියල් 150ක් ආසන්න වීමේ අවදානමක් පැන නඟින බවකි.එතරම් ඉහළ මිලකට වී මිලට ගතහොත් සහල් කිලෝවක් රුපියල් 290 ඉක්මවා ඉහළ යා හැකි බවට දැනටමත් පුරෝකථනය වී තිබේ.මෙම තත්ත්වය මත මහ කන්නයේ වී අස්වැන්න ලැබෙමින් පැවතියත් වී සඳහා වන සහතික මිල මෙතෙක් ගැසට් කිරීමට රජයට හැකියාවක් ලැබී නැත.