වෘත්තීය සංගම් රජයට සතියක් කල් දෙයි

වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසක් ඊයේ(01) රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ක්ෂේත්‍ර රැසක කටයුතුවලට සැලකිය යුතු මට්ටමේ බලපෑමක් එල්ල විය.

වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේ ලබන සතිය ඇතුළත බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවුනහොත් අනතුරුව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි.

සෞඛ්‍ය, ඉන්ධන, විදුලි, ජල, වරාය, සරසවි ඇතුළු ක්ෂේත්‍ර රැසක දෛනික කටයුතුවලට ඒ ඒ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ආරම්භ කළ ක්‍රියාමාර්ග හේතුවෙන් බලපෑම් එල්ල විය.

මේ අතර, රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් දියත් කළ වෘත්තිය ක්‍රියාමාර්ගවලට රජය යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී ක්‍රියාමාර්ග දැඩි කරන බව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි.

කාලීන පුවත්