වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි

සෞඛ්‍ය, තැපැල් හා ගුරු විදුහල්පති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද දහවල් කෑම පැයේ විරෝධතාවල නිතර වුණි.

රුපියල් 20,000ක අවම වැටුප් වැඩිවීමක් ලබානොදීම, සෞඛ්‍යයට ප්‍රමාණවත් මුදලක් වෙන් නොකිරීම, ඖෂධ, උපකරණ හා කාර්යමණ්ඩල හිඟයට විසඳුම් ලබානොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පැවැත්විය.

මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට පියවර ගෙන නැතැයි චෝදනා කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පස්වරුවේ දිවයින පුරා උද්ඝෝෂණවල නිරත විය.

තැපැල් වෘත්තීය සමිති අද දහවල් තැපැල් කාර්යාල ඉදිරිපිට විරෝධතාවල නිතරවූයේ රුපියල් 20,000ක අවම වැටුප් දීමනාව ලබා නොදීම, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීමට එරෙහිව සහ තැපැල් ක්ෂේත්‍රයේ ඇති ගැටලු රැසකට විසඳුම් ඉල්ලමිනි.

මේ අතර ලංකා බැංකු සේවක සංගමයද පවසන්නේ වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් තම සංගමය ද විරෝධතා ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බවයි.

කාලීන පුවත්