ආසන්නතම දිනයෙක හක්කට වෙඩි වැදීම නිසා ඇති වූ වේදනාව සමනය කර ගැනීම පිණිස ගල්ගමුව,ඇහැටුවැව,රත්නදිවුල්වැව මීගස් වැවේ බැස සිටි ඇත් පැටවා එම වැව් දියේ දීම දීම මියගොස් ඇති බව වාර්තා වෙයි.ප්රදේශවාසීන් පවසනුයේ මෙම ඇත් පැටවාගේ ජීවිතය බේරා ගැනීම සම්බන්ධයෙන් පැවැති හැකියාව වන ජීවී නිලධාරීන් විසින් ප්රයෝජනයට නොගැනීම මේ මරණයට හේතු වී ඇති බවයි.මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත් අඩංගුවට ගෙන නොමැති බව ද වාර්තා වේ.