වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු ගැන අදහස් දැක්වීම ගැන ඉන්දීය විදේශ ඇමති “දෙහි කපයි”

වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වීම දෙවියන් විසින් තමන්ට ලබා දී ඇති අයිතියක් පවතින බව බටහිර රටවල් සිතන බවත් එය කෙසේවත් නොකළ යුතු දෙයක් බවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා පවසයි.ඔවුන් එය නොනවත්වා සිදු කළ හොත් එසේ අපහසුවට පත් වන රටවල් ද එය අනුගමනය කරනු ඇතැයි ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.එසේ වුවහොත් එවැනි සිද්ධියක අපහසුතාවය වටහා ගත හැකි වන්නේ අත්දැකීමෙන්ම පමණක් බව ද ඔහු පවසයි.ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙවැනි ප්‍රතිචාර දැක්වීමක් සිදු කළේ කොංග්‍රස් පක්ෂයේ හිටපු නායක රාහුල් ගාන්ධි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුස්සෙකු බවට ප්‍රකාශයට පත් වීමත් සමග අමෙරිකාව සහ ජර්මනිය ඊට දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කාලීන පුවත්