දුර සේවා දුම්රිය වල වෙන්කළ ආසන ගාස්තුව පමණක් ජූනි මස 1 වනදා සිට 30%කින් වැඩිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.නමුත් සාමාන්‍ය දුම්රිය ගාස්තුව, පාර්සල් ගාස්තුව හා අනෙකුත් දුම්රිය ගාස්තු සංශෝධනයට ලක්වී නොමැති බව දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා සඳහන් කරයි.