වෙරළට ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ කළ පිපිරවීමක්

ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූ කළ පිපිරවීමකින් බවට අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ද ඉදිරිපත් කර තිබේ.තහනම් කරන ලද ධීවර පන්න ක්‍රම සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීම නිසා සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් හටගන්නට ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.පසුගිය 22 වැනි දා සිට මේ දක්වා බටහිර වෙරළ තීරයට ගොඩ ගැසූ මියගිය කැස්බෑවුන් සංඛ්‍යාව 25 ක් බව සඳහන් ය.තවත් කැස්බෑවුන් තිදෙනෙකු බරතල හානි සහිතව වෙරළ තීරයට ගසා ගෙන විත් ඇති අතර පිටත ආවරණයට දැඩි හානි සිදුව තිබේ. එම කැස්බෑවුන්ට ප්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ ඇතැම් කැස්බෑවන් මොළයට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වූ බවකි.

කාලීන පුවත්