වෙල මැද අතරමං වූ මාස තුනේ අලි බබා වන ජීවී භාරයට

මහව,මැඩියාව වෙල්‍ යායක කුසගින්නේ අතරමංව සිටි මාස තුනක (03)ක පමණ වයසැති වන අලි පැටියකු ආරක්ෂිතව නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාර දීමට මහව වනජීවී බීට්ටු කාර්යාල නිලධාරීන් කටයුතු කර තිබේ.මැඩියාව වැව ආශ්‍රිතව මේ දිනවල වන අලි සැරිසරන අතර වෙල්යායට වන අලි රංචුවක් සමඟ පැමිණ සිටි මෙම වන අලි පැටියා අතරමංව තනිව සැරිසරන දුටු ගම්වාසීන් වනජීවී කාර්යාලයට මේ බව දන්වා තිබේ.අද (2) උදෑසන 6.30 ට පමණ ගම්වාසීන්ගෙන් මෙම තොරතුර ලත් වහාම වනජීවී බීට්ටු කාර්යාල නිලධාරීන් අලි පැටවා ආරක්ෂිතව රැගෙන ඒමට කටයුතු කර තිබේ..වනජීවි කාර්යාලයට අයත් කැබ්‍ රථයේ පැටවා නංවාගෙන නිකවැරටිය පශු වෛද්‍යවරයා වෙත යොමු කොට ඇති අතර බොහෝ වේලාවක් නිරාහාරව සිටි මෙම අලි පැටියාට සේලයින් ලබා දීමට කටයුතු කර ඇත..අලි පැටියා ආරක්ෂිතව නිරෝගීව සිටින බව පශු නිකවැරටිය වෛද්‍ය නිලධාරී ඉසුරු හේවා කෝට්ටගේ මහතා සඳහන් කරයි.

කාලීන පුවත්