වෙසක් දන්සල්වල වැඩිවීමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි වශයෙන් වෙසක් දන්සල් ලබාදීමට සූදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.එමෙන්ම එසේම දන්සල් ලබාදීමට කැමැත්තෙන් සිටින පුද්ගලයන් දන්සල පැවැත්වීමට දින තුනකට පෙර එම දන්සල ලියාපදිංචි කිරීමක් සිදුකළ යුතු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.ඒ අතර එම දන්සල් වල ආහාර පාන වල සෞඛ්‍යාරක්ෂිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරතුරුව පරීක්ෂාවට ලක් කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

කාලීන පුවත්