වෙසක් නාමයෙන් බහු රූ කෝලම් බෑ මෙම වෙසක් සතිය තුළ බුදු දහමට, සදාචාරයට සහ සංස්කෘතියට නොගැළපෙන ආකාරයේ කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ වෙසක් උත්සවය මුල් කොට ඔළුබක්කන් නැටවීම වැනි විකාර රූපී ක්‍රියා ද සිදු කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවකි.එමෙන්ම මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වෙසක් කාලයට බුදු දහමට, සදාචාරයට සහ සංස්කෘතියට නොගැලපෙන නුසුදුසු කටයුතු සිදු නොකරන ලෙස ද පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටී.