වෙසක් පොහොය නිමිත්තෙන් බෞද්ධ පුද බිම් සැදැහැවතින් ගෙන් දෝරේ ගලයි

අද(15)ට යෙදී ඇති වෙසක් පුර පසලොස්වක නිමිත්තෙන් අනුරාධපුරය,පොලොන්නරුව,මහනුවර,කැලණිය,මහියංගනය ඇතුළු දිවයිනේ බෞද්ධ පුදබිම් සහ වෙහෙර විහාරස්ථාන මේ වන විට සැදැහැවතුන්ගෙන් පිරී පවතින බවත් බොහෝ වෙහෙර විහාර ආශ්‍රිතව සීල සමාදානය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් කටයුතු යොදා ඇති බවත් වාර්තා වෙයි.අනුරාධපුර ශ්‍රී මහ බෝධිය සහ රුවන් වැලි සෑය ආශ්‍රිතව කලකින් දක්නට නොලැබුණු අන්දමේ විශාල ජනකායක් මේ වන විටත් එක් රොක් වී සිටින බවක් වාර්තා වෙයි.ඉකුත් වසර දෙක තුළ පැවැති කොරෝනා වසංගතය නිසා වන්දනා ගමන් සීමා වී තිබුණ ද වර්තමානයේ පවත්නා උග්‍ර ඉන්ධන හිඟය හමුවේ ද මෙතරම් ආගමික උද්‍යෝගයක් පැවතීම විශේෂත්වයක් බව අනුරාධපුර පූජා නගර වෙළඳ ප්‍රජාව කියයි.නමුදු මේ වන විට රටපුරා පවතින දැඩි ආර්ථික පීඩනය මුල් කොට වෙසක් දන්සල් සහ විශාල ප්‍රමාණයේ වෙසක් තොරණ සහ වෙසක් කූඩු වල යම් අඩුවක් පැවතිය ද ප්‍රාදේශීය මට්ටමේ වෙසක් සැරසිලි පෙර පරිද්දෙන්ම දක්නට ලැබෙන බව වාර්තා වෙයි

කාලීන පුවත්