වෙසක් සතිය මැයි 2 සිට 8 තෙක්

වෙසක් සතිය මැයි 2 සිට 8 තෙක් මෙවර වෙසක් සතිය මැයි මස 2 වනදා සිට 8 වනදා පැවැත්වෙන බවත් ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බවත් බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ වෙසක් පොහොය කේන්ද්‍ර කරගත් වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ය.නමුදු අතිශය බරපතල ලෙසින් විදුලි ගාස්තු ඉහළ නැංවීම මත මෙවර වෙසක් උත්සවයේ සැරසිලි කටයුතු ආදිය කිරීම මහත් අභියෝගයක් ව පවතින බව දිවයින පුරා වෙසක් උත්සව සංවිධායකයෝ මැසිවිලි නඟති.

කාලීන පුවත්