වෛද්‍ය ශාෆි සහාබ්දීන්ගේ දියණියට උසස්පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල

2019 දී ව්‍යාජ වන්ධ්‍යාකරණ චෝදනාවලට ලක් වූ වෛද්‍ය ශාෆි සහාබ්දීන්ගේ දියණිය ෆාතිමා මෙවර උසස්පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන ඇත. ඒ අනුව ඇය වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට සුදුසු කම් ලබා තිබේ.ව්‍යාජ චෝදනා මත ඇති වූ තත්වය හේතුවෙන් දැඩි පීඩාවක් සහ පාසලෙන් ඉවත් වීමටත් ඇයට බල කෙරුණද පෞද්ගලික අපේක්ෂිකාවක් ලෙස විභාගයට මුහුණ දුන් ඇය මෙසේ ජයග්‍රහණය කොට තිබේ.මෙවැනි දුෂ්කර අභියෝගයන් ඉදිරියේ විද්‍යා ධාරාවෙන් විභාගයට මුහුණදී ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීම ඊනියා ජාතිවාදය සමාජයීය වශයෙන් කළ පරාජයක් බව ඇතැමුන් ගේ මතයයි.

කාලීන පුවත්