වෛද්‍ය පාදෙණි‍ය කී කාබනික පොහොර රහසක් “ලීක්” වෙයි

රජය විසින් ගෙන යන කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊයේ(27)කොළඹ පැවති වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් සංවිධානය කොට තිබූ මාධ්‍ය හමුවට පෙර එහි පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එම පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතාට කී “රහසක්” ඒ මොහොතේ ඔවුන් ඉදිරියේ ක්‍රියාත්මකව තිබූ මාධ්‍ය වීඩියෝ සහ පටිගත කිරීමේ යන්ත්‍ර වල සටහන් ව තිබීම නිසා මේ වන විට එය “ප්‍රසිද්ධ රහසක්’ බවට පත් ව තිබේ.
කාබනික පොහොර වැඩපිළිවෙල හෙට කරන්න කියා නොකී බවත්, එය විය යුතු බව පමණක් කී බවත් මාධ්‍ය‍යට කියන්නැයි ඔහු කපිල රේණුක පෙරේරා මහතාට උපදෙස් දෙනු ඒවායේ පටිගත වී තිබේ.
සුරක්‍ෂිත ආහාර තිබීම වෛද්‍ය සංකල්පයක් නිසා එසේ කියූ බවත් ඒ සදහා වැඩපිලිවෙලක් සකස් කළ ද රටට කියන්ට බාර නොගත් බවත් ගොවියාත් ජනතාවත් ඇතුළු දෙදෙනාම රැකගත යුතු බවද පවසන්නැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් වරයාට පවසනු එහි පටිගත වී තිබේ. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රබල වෘත්තිකයන්ගේ සහ විධායක නිලධාරීන්ගේ සංගම් විසි තුනකින් සමන්විත වන එහි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සභාපති පදවිය දරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පුරෝගාමී සංවිධානයකි.ඒ අනුව තමන්ගේ එම ප්‍රකාශය සෘජුවම එම මාධ්‍ය හමුව මඟින් ප්‍රකාශ කළ හැකිව තිබූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එය කපිල රේණුක පෙරේරා ලවා කියැවීමට දැරූ උත්සාහය සමාජ ජාල පරිශීලකයන්ගේ විවිධ මත දැක්වීම් වලට පදනම් වී තිබේ. එමෙන්ම පසුගිය දිනවල ජනාධිපති වරයා ඉදිරියේ මෙම කාබනික පොහොර වැඩ සටහන් සම්බන්ධයෙන් එවැනි අදහසක් පළ නොකළ වෛද්‍ය පාදෙණිය මහතා අප රටේ කෘෂි විද්‍යාඥයන්ගේ දැනුම පවා අභියෝගයට ලක් කිරීමෙන් සමාජයේ විශේෂ අවධානයකට ලක් විය.

කාලීන පුවත්