පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් පත් කළ යුත්තේ සේවා අවශ්‍යතාවය අනුව මිස කිසියම් කණ්ඩායමකට අවශ්‍ය ඡන්ද පදනම ගොඩ නඟා ගැනීමට අවශ්යැ පසුබිම සකස් කිරීමට නොවන නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය කියා සිටියි.ඒ එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක් කුමාර් ප්‍රනාන්දු සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර් ඥානසේකරම් යන වෛද්‍යරුන්ගේ අත්සනින් යුතු නිවේදනයකිනි.එමෙන්ම මොරටුව දිසා අධිකරණය මඟින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරකම් අත්හිටුවන වාරණ නියෝගයක් පනවා තිබිය දීත් ඔවුන් මෙසේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සංවිධානය කොට තිබීමම බරපතල ගැටළුකාරී තත්වයක් බව මේ වන විට විවිධ පාර්ශව පෙන්වා දී තිබේ.