තම නියෝජිතයන්ගෙන් යුතු මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් හිතුමනාපෙට මාරු කරන බවට සෞඛ්‍ය ලේකම්වරයාට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතවෙන් අද(21) රටපුරා රෝහල් රැසක රෝගී සත්කාර සේවා අඩාලවී තිබේ.රට පුරා රෝහල්වල බාහිර රෝගී අංශ සායන කටයුතු මෙන්ම වෙනත් සත්කාරක සේවා අඩාලව පවතින අතර ප්‍රතිකාර ලබැගැනීමට පැමිණි දහස් ගණන් රෝගීන් දැඩි අපහසුතාවයට පත් ව තිබේ.