වෛද්‍ය සාෆිට හිඟ වැටුප් ජීවන වියදම් හා අතුරු දීමනා ලබාදීමට නියෝග

කාන්තාවන්ට නීති විරෝධී වඳ සැත්කම් කළ බවට අසත්‍ය චෝදනා එල්ල කර කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අනිවාර්ය නිවාඩු යැවූ කාලයට අදාළව ආයතන සංග්‍රහය අනුව හිඟ වැටුප් සහ දීමනා ලබා දීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා වෛද්‍ය මොහොමඩ් ෂාෆී මහතා ගොනු කර තිබූ රිට් පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය අනිවාර්ය නිවාඩු යැවූ කාලයට අදාළව වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාට හිමි වැටුප් , දීමනා ජීවන වියදම් දීමනා හා අතුරු දීමනා ලබාදීමට නියෝග කළේය. ඒ තමන්ට හිමි හිඟ වැටුප් දීමනා ලබා දෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා වෛද්‍ය මොහොමඩ් ෂාෆී මහතා ගොනු කල රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදියි.ඔහුගේ එම ඉල්ලීමට එකඟ බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.පෙත්සම කැඳවනු ලැබුවේ සෝභිත රාජකරුණා හා ධම්මික ගණේ පොල යන විනිසුරු මඩුල්ල හමුවේදියි.තමාට එරෙහිව සිදු කරන මූලික විනය පරික්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා විසින් සිදු කිරීමට එරෙහිව වෛද්‍ය සාෆි කළ ඉල්ලීම ට නීතිපතිවරයා අද විරෝධය පළ කළේ ය.වෛද්‍ය සාෆි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පවසා සිටියේ වෛද්‍ය චන්දන කැන්දගමුව පක්ෂපාතී පුද්ගලයකු බවත් තමන් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට ද කරුණු දක්වා ඇති බවයි.කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි 31 කැඳවීමට තීරණය කළේ ය.

කාලීන පුවත්