වෛද්‍ය සේවයේ ගැටලු සොයා බැලීමට ඇමති ගෙන් කමිටුවක්

වෛද්‍ය සේවයේ පවතින ගැටලු සොයා බැලීමට ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරයි් විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. විශේෂඥ සේවයේ වෛද්‍ය නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් තීරණය කිරිමට සියලු පාර්ශ්ව සමග තවත් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩ වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ලිපියක් යොමු කරමින් ඊයේ එම කරුණු දැනුම් දී තිබේ.

වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ’ පසුගිය බදාදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සෞඛ්‍ය ඇමතිවරයා මෙම තීරණ ගත් බව ද එම ලිපියේ සඳහන් වෙයිි. ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලවරණ රෙගුලාසි වලට අනුව එහි නිලවරණය කඩිනම් කිරීම සදහා නීති කෙටුම්පත් කිරිමට සෞඛ්‍ය ඇමතිවරයා දැනටමත් අවශ්‍ය ලිපිලේඛණ ඉදිරිපත් කර තිබේ.‘ ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කරන දිනය පිළිබඳව සෞඛ්‍ය ඇමතිවරයා දැනටමත් රාජ්‍ය සේවා කොමිසමෙන් කරුණු ඉල්ලා ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

ඕනෑම සාමාන්‍ය පත්වීමක් ස්ථාන මාරුවක් හෝ වෙනත් සාමාන්‍ය ක්‍රියාකාරකම් සදහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවේ . සෞඛ්‍ය අමාත්‍යංශය හෝ රාජ්‍ය සේවා කොමිසම දී ඇති උපදෙස් කඩකිරීමක් හෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන ක්‍රියා පටිපාටියට ඇගිලි ගැසීමක් සිදු නොකරන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට යොමුකළ ලිපියෙහි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
වරයා අවධාරණය කර තිබේ.

කාලීන පුවත්