ශෂී වීරවංස ගේ නඩුවේ නීතිඥයා අසනීපයෙන්ලු

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත සාවද්‍ය දත්ත ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබ සිටින ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවකින් විත්තියේ නිතීඥවරයා ඉවත්වීම හේතුවෙන් නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 12 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.මෙම නඩුවේ විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥවරයා අසනීපයෙන් පසුවන බැවින් නඩු විභාග කල් තබන ලෙසට අධිකරණයේ පෙනී සිටි කණීෂ්ඨ නිතීඥවරයා ඉල්ලීමක් කළ අවස්ථාවේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, විභාගය සදහා දින ලබා දිය නොහැකි බව ය.නමුත් මෙම නඩු විභාගය සදහා පෙනී සිටීමට ජ්‍යෙෂ්ඨ නිතිඥවරයා තමාට උපදෙස් ලබා දී නොමැති බැවින් තමන් නඩුවෙන් ඉවත් වන බව මෙහිදී එම නිතීඥවරයා සදහන් කොට සිටියේය..ඒ අනුව ඉදිරි දිනයේදී නිතීඥ නියෝජනයක් ඇතිව හෝ නොමැතිව නඩු විභාගය සදහා සූදානම්ව පැමිණෙන ලෙසට දැනුම් දෙමින් නඩුව කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.අදාළ චෝදනාවටම තවත් නඩුවකට වරදකාරිය වූ මෙම විත්තිකාරියට ඉකුත් 2022 අප්‍රේල් මස 31 වැනිදා වසර දෙකක සිරදඩුවමක් අධිකරණයෙන් නියම කළ අතර පසුව එම දඩුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණී.

කාලීන පුවත්