ශ්‍රීලනිපයේ බහුතරය ඉල්ලුවොත් මාත් ජනපතිවරණයට එනවා

ශ්‍රීලනිපයේ බහුතරය ඉල්ලීමක් කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමන් සූදානම් බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.තමා ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් ඉවත් කළ ද පක්‍ෂයේ බොහෝ පිරිසක් එය අනුමත කර නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.ඒ අනුව ශ්‍රීලනිපයේ බහුතර කැමැත්ත තමන් සතු බවත් ඔවුන් ඉල්ලීමක් කළහොත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

කාලීන පුවත්