ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපති වරියක්

මෙරට සිටින ඇමරිකානු තානාපති ජූලී චංග් සිය සේවා සේවා කාලය අවසන් කර යාමට නියමිත බැවින් ඒ වෙනුවට එලිසබෙත් කේ හෝර්ස්ට් (Elizabeth K Horst ) පත් කර තිබේ.නව තානාපතිවරිය දැඩි මතධාරිනියක ලෙස ප්‍රකට කාර්යභාරයක් ඉටු කර ඇතැයි නිරීක්ෂකයන් පෙන්වා දී ඇත. දකුණු ආසියා කලාපය සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වල දී විශේෂ උනන්දුවක් පළ කරන ඇය මීට පෙර පකිස්ථානය,ඉන්දියාව සහ නේපාලයේ රාජතාන්ත්‍රික නිලධාරිනියක ලෙස කටයුතු කර තිබේ.මෙරට තුළ තීරණාත්මක ජනාධිපතිවරණ මැතිවරණය ආසන්න වෙමින් තිබියදී නව තානාපතිය පත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානයක් යොමු කර ඇත.

කාලීන පුවත්