ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ වෙනස්කම් සිදු කොට නෑ

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ සිදු කරන තම පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ වෙනස්කම් සිදුකරන බවට පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. අදානි ග්‍රීන් එනජි සමාගම පවසා ඇත්තේ, සමාගම විසින් මිල සංශෝධනය කිරීමට ඉදිරිපත් වී ඇති බවට වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සහ පදනම් විරහිත බවයි.“අදාළ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ස්ථාපිත කර ඇති පරිදි ගිවිසුමේ මුල් නියමයන් සඳහා අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටිමු.අදානි ග්‍රීන් එනජි සමාගමේ ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති රාමුව වෙනස් වී නොමැත” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.අදානි ග්‍රීන් එනජි සමාගම වැඩිදුරටත් පවසන්නේ, සමාගම යෝජිත සුළං ව්‍යාපෘතියෙන් ගෞරවාන්විතව ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකා රජය කවදා හෝ ඒ පිළිබඳ යළි සළකා බලන්නේ නම්, ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාරගැනීමට සැමවිටම කැපවී සිටින බව අදානි සමූහය නැවත තහවුරු කොට ඇති බවයි.මෙරට බලධාරීන් ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 442 ක සුළං බල ව්‍යාපෘතියෙන් තවදුරටත් නිරතවීමෙන් අදානි සමූහය ඉවත් වූ බව පෙබරවාරි මාසයේදී වාර්තා විය.

කාලීන පුවත්