ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනයට ජර්මනියේ සහාය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය.

1959 දී ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ආරම්භ කිරීමෙන් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට වෘත්තීය පාඨමාලා තුළින් ප්‍රතිලාභ රැසක් ලබාදීම පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජර්මනියට ස්තූතිය පළ කරනලදි.

වර්තමාන ගෝලීය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ආයතනය වැඩිදියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ අතර සහයෝගය සහ විශේෂඥ දැනුම ලබා දීම පිළිබඳ ව සලකා බලන ලෙස ජර්මනියෙන් ඉල්ලා සිටියි.

ජර්මානු විශේෂඥ දැනුම සහ තාක්ෂණික දැනුම ලබාදීමේ හැකියාව ගවේෂණය කිරීමට තානාපතිවරයා එකඟ විය.

කාලීන පුවත්