ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට පිට සක්වල ජීවීනුත්

ශ්‍රී ලංකාවට පිටසක්වල ජීවීන් ගොඩ බසින තැනක් ලෙස ප්‍රසිද්ධ වී ඇති දිඹුලාගලට ආසන්න දහයියාගල කදුවැටිය අප රටේ සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදා ගත හැකි බව නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී සරත් මහතා සඳහන් කරයි.ඔහු ඒ බව සඳහන් කළේ ජාතික රූපවාහිනියේ “මහජන දිනය” වැඩසටහනට එක්වෙමිනි. එම දහයියාගල කදුවැටි ප්‍රදේශය මුල්කොට ලෝකයේ විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කිරීමේ හැකියාව ඇති බවත් ශ්‍රී ලංකාවේ පිටසක්වල ජීවීන් ගොඩබසිනා ස්ථාන පිළිබඳව ලෝකයට දැනුම් දී එමගින් සංචාරක කර්මාන්තය වර්ධනය කළ හැකි බවත් පැවසූ නියෝජ්‍ය ඇමති වරයා ඊට අදාළ වන විද්‍යාත්මක පසුබිමක් ඇත්තේ නම් එය ද සොයා එය ද ප්‍රවර්ධනය ය කළ යුතු බවද කීය.

කාලීන පුවත්