“ශ්‍රී ලංකාව අද මුළු ලෝකය ඉදිරියේ හිඟා කනවා” – ජනපති කියයි

ශ්‍රී ලංකාව අද මුළු ලෝකය ඉදිරියේ “හිඟා කන” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

2024 අයවැය කතාව අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් ප්‍රශ්න කළේ, ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ, “හිඟන උරුමයක් ද? නැතිනම් සාඩම්බර හිමිකමක් ද?” යනුවෙනි.

ශ්‍රී ලංකාවට තවදුරටත් වෙනත් පාර්ශවයන්ගෙන් යැපෙන ජාතියක් බවට පත් විය නොහැකි බව ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

නිදහසින් පසු අපගේ මුල් ම සංවර්ධන ව්‍යාපෘතිය වූ ගල්ඔය ව්‍යාපාරය අප සිදු කළේ අපගේ ම මුදල්වලින් බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට ද ණය ලබා දුන් බව ය.

කාලීන පුවත්