ශ්‍රී ලංකාව හා ජපානය අද(07) ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවළියට අදාළ හුවමාරු පත්‍රවලට අත්සන් තබා තිබේ.
ගිවිසුම් අත්සන් තැබීම හා හුවමාරුව සිදු වූයේ මුදල් අමාත්‍යාංශයේදීයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා යන මහත්වරුන් ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ හුවමාරු පත්‍රවලට අත්සන් තැබුවේ ය.
මීට අමතරව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා මහතා සංශෝධිත ණය ගිවිසුමට අත්සන් තැබීය.