ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී

විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා ආචාර්වරුන්ගේ සංසදය විසින් සංවිධාන කරන ලද 13 වැනි ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව 2024 රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

මෙම සම්මන්ත්‍රණය සදහා මෙවර සත්කාරත්වය දක්වන්නේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාලයයි.

විශ්වවිද්‍යාල ආර්ථික විදයා ආචාර්වරුන්ගේ සංසදයේ සභාපති ආචාර්ය වසන්ත ප්‍රේමරත්න සහ සම්මන්ත්‍රණයේ සභාපතිනී ආචාර්ය තමරා ජයසුන්දර යන මහත්ම මහත්මීන්ගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතා සහභාගී විය.

සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්දනාත් අමරසේකර මහතා සිදු කළ අතර සම්භාවනීය පිරිසක් මෙවැනි සහභාගිවිය.

ශ්‍රී ලංකාව මාස 10ක් වැනි කෙටි කාලයක් තුළ දී උද්දමනය 70 % ක පමණ සිට තනි අංකයක් දක්වා අඩු කර ගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර ප්‍රකාශ කරනලදි.

ලෝකයේ ඇතැම් රටවල් ඉලක්කම් දෙකක උද්දමන අනුපාතය තනි අංකයක් දක්වා අඩු කර ගැනීමට වසර 35 කට වැඩි කාලයක් ගෙන ඇති බව ද ඔහු පෙන්වා ‍දෙනලදි.

අද වන විට ශ්‍රී ලංකාව සිය උද්දමන අනුපාතය 05 % ටත් අඩු මට්ටමකට රැගෙන ඒමට සමත් වී තිබෙන බවයි ඔහු ප්‍රකාශ කරනලදි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීම සඳහා මැදිහත් වීම හුදෙක් මුදල් ලබා දීමක් පමණක් නොව ලොව පුරා ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමක් බව ද මහ බැංකු සහකාර අධිපතිවරයා ප්‍රකාශ කරයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතා පැවසුවේ රට මුහුණ පා ඇති අර්බුදවලට පිළිතුරු සෙවීමේ සාමූහික ප්‍රවේශයක් අවශ්‍ය වන බවයි.

කාලීන පුවත්