ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇති අමරසූරිය මහතා, නීති විද්‍යාලයේ අවසාන විභාගයෙන් ඉහළින් ම සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස පත් වූ අයෙක්.

එමෙන් ම ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු මෙන් ම, හාවඩ් කෙනඩි පාසලේ (විධායක අධ්‍යාපනය) ආදි සිසුවෙකු ද වනවා.

කාලීන පුවත්