ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට යළිත් මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි පත් වී තිබේ.ඒ අද (15) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන ජාතික මහ සම්මේලනයේ දීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා විසින් පක්ෂ නායකත්වයට යළි මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය ස්ථීර කරන ලදී.ඉන් අනතුරුව සභාවේ සිටි පක්ෂ සාමාජිකයන්ගේ එකඟතාව මත එම යෝජනාවට පක්ෂ මහා සම්මේලනයේ අනුමැතිය ඒකමතිකව ලැබුණි.නමුත් පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුකෙරෙන අතර බොහෝ දුරට එය තරුණ නායකත්වයක් විය හැකි බවයි.

කාලීන පුවත්