ශ්‍රී ලාංකේය නායකත්වයේ දැවැන්ත වෙනසක්;නව ජනපති ගේ ජයග්‍රහණය ගැන විදෙස් මාධ්‍ය කියන කතා

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය 21 වැනිදා පවත්වන්නට යෙදුණු ජනාධිපතිවරණයෙන් තේරී පත් විය. නිදහසින් පසුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඒ පක්ෂ ආශ්‍රිතව ගොඩනැගුණු සන්ධාන තුළින් පමණක් ජනාධිපතිවරුන් බිහිවීම වෙනස් කරමින් වෙනත්ම පක්ෂයකින් ජනාධිපතිවරයෙක් බිහි වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලක විචාරකයන් විසින් හඳුන්වනු ලබයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවු ජනාධිපතිවරුන් සියලු දෙනාම ලබා ගත් ඡන්දවලින් 50% සීමාව ඉක්මවා සිටිය ද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකුට වඩා ඉදිරිපත් වීම නිසා ඡන්ද බෙදී යාමේ දී කිසිදු අපේක්ෂකයකුට 50% කට වඩා ඡන්ද හිමි කර ගැනීමට නොහැකි වූ ප්‍රථම අවස්ථාව ලෙසින් ද මේ ජනාධිපතිවරණය ඉතිහාස ගත වේ. 1982 දී ජේ.ආර්. ජයවර්ධන 52.91%, 1988 දී ආර්.ප්‍රේමදාස 50.43%,1994 දී චන්ද්‍රිකා කුමාරතුංග 62.28%, 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග 51.12%, 2005 දී මහින්ද රාජපක්ෂ 50.29%, 2010 දී මහින්ද රාජපක්ෂ 57.88%, 2015 දී මෛත්‍රීපාල සිරිසේන 51.2%, 2019 දී ගෝඨාභය රාජපක්ෂ 52.25% වශයෙන් ලබාා ගත් අතර 50% වඩා අඩුවෙන් ඡන්ද ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනා අතරින් දෙවැනි මනාපය ද සහිතව වැඩිම ප්‍රතිශතය වන 42.31% ලබා ගත් අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක 2024 වසරේ දී 9 වැනි ජනාධිපති ලෙස තේරී පත් විය. ඔහුගේ පත්වීමත් සමග විදෙස් මාධ්‍ය බොහොමයක් නව ජනපතිවරයා සහ ඔහුගේ අභියෝගයන්, වගකීම්, යුතුකම් ආදිය ද සහිතව පුවත් පළ කරනු දක්නට හැකි විය.

ඉන්දියාවේ NDTV ප්‍රවෘත්ති සේවය මේ පිළිබඳ හඳුන්වා දී තිබුණේ මෙය දූෂිත දේශපාලන සංස්කෘතිය අභිබවා ලබා ගත් ‘ජනතා ජයග්‍රහණයක්’ ලෙසිනි.ආර්ථික අවභාවිතාව, ඥාති සංග්‍රහය සහ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනාවලින් ධූරකාලය විනාශ වූ සම්ප්‍රදායික පාලක පවුල්, විශේෂයෙන් රාජපක්ෂවරුන් කෙරෙහි ජනතා කලකිරීම, ජාතික ජන බලවේගයේ නායකයා ජනපති තනතුර දක්වා ගමන් කිරීම සඳහා යොදා ගත් ආකාරය NDTV ඉස්මතු කළේය. NDTV ට අනුව, දිසානායකගේ ජයග්‍රහණය සංකේතවත් කරන්නේ වගවීම, විනිවිදභාවය සහ බිම් මට්ටමේ නියෝජනය වෙත මාරුවීමක් ලෙසිනි.

මේ බොහෝ පුවත්වල පොදු කාරණයක් ලෙස දක්වා තිබුණේ මෙය ශ්‍රී ලංකාව තුළ නායකත්වයේ සිදු වූ දැවැන්ත වෙනසක්ය යන කාරණයයි. විශේෂයෙන් දශක ගණනාවක් තිස්සේ රාජපක්ෂ පාලනයට නතුව තිබුණු ‘ජනපති’ යන තනතුර මෙවර වෙනසකට ලක් වූ බව විශේෂයෙන් සඳහන් කොට තිබිණි.

ඉන්දියාවේ NDTV ප්‍රවෘත්ති සේවය මේ පිළිබඳ හඳුන්වා දී තිබුණේ මෙය දූෂිත දේශපාලන සංස්කෘතිය අභිබවා ලබා ගත් ‘ජනතා ජයග්‍රහණයක්’ ලෙසිනි.

ආර්ථික අවභාවිතාව, ඥාති සංග්‍රහය සහ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනාවලින් ධූරකාලය විනාශ වූ සම්ප්‍රදායික පාලක පවුල්, විශේෂයෙන් රාජපක්ෂවරුන් කෙරෙහි ජනතා කලකිරීම, ජාතික ජන බලවේගයේ නායකයා ජනපති තනතුර දක්වා ගමන් කිරීම සඳහා යොදා ගත් ආකාරය NDTV ඉස්මතු කළේය. NDTV ට අනුව, දිසානායකගේ ජයග්‍රහණය සංකේතවත් කරන්නේ වගවීම, විනිවිදභාවය සහ බිම් මට්ටමේ නියෝජනය වෙත මාරුවීමක් ලෙසිනි.

දිසානායකගේ දූෂණ විරෝධී සහ සමාජ සාධාරණත්වයේ වේදිකාව, විශේෂයෙන්ම, විරෝධතා සහ අරගලවල නියැලෙමින් පසුගිය රජය නෙරපා හරින ලැබූ රටේ තරුණ තරුණියන් සමඟ එක් පෙළකට සිට ගත් බව සඳහන් කර තිබිණි. NDTV හි විශ්ලේෂණය මගින් අවධාරණය කළේ, ඔහුගේ නැගීම, දකුණු ආසියානු ඡන්දදායකයින්, වඩ වඩාත් මුල් බැසගත් ප්‍රභූන් ප්‍රතික්ෂේප කරන පුළුල් කලාපීය ප්‍රවණතාවක් සනිටුහන් කරන බවය. මේ ප්‍රවණතාව මෑත වසරවල ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා සමඟ ඒකාබද්ධව රටේ බහුතර ජනතාව විසින් උදෙක්ම අපේක්ෂා කළ රැඩිකල් වෙනස පිළිබිඹු කරන බව ද එහි සඳහන්ව තිබිණි.

අල් ජසීරා දේශපාලන විශ්ලේෂකයින් ප්‍රකාශ කළේ රාජ්‍ය පරිපාලනය තුළ මුල් බැසගෙන ඇති දැඩි නිලධාරීවාදී දේශපාලන සංස්කෘතියක් තුළ තුළ දිසානායක අපේක්ෂා කරන අර්ථවත් ප්‍රතිසංස්කරණ පහසුවෙන් ඉටුකර ගත හැකි ද යන්න අවිනිශ්චිත බවය. ජාතික ජන බලවේගය සහ එහි ප්‍රධාන කොටස්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමාංශික කොටස්කරුවන්, තරුණයක් ඇතුළුව රටේ බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත වුව ද, කිසිදා විධායක බලය හිමිකරගෙන නොමැති බවත්, ආර්ථික හා ජාත්‍යන්තර වශයෙන් දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අත්දැකීම් නොමැතිකම බාධාවක් විය හැකි බවත් එම නාලිකාව පෙන්වා දෙයි.

අල් ජසීරා පුවත් සේවය අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය පිළිබඳ සඳහන් කොට තිබුණේ ‘නව නායකත්වයක් සඳහා ඉදිරි අභියෝග’ වශයෙනි.

දිසානායකගේ ජයග්‍රහණය සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස පිළිගන්නා නමුත් ඉදිරි අභියෝග ගැන අනතුරු අඟවමින් අල් ජසීරා පුවත් සේවය වඩාත් ප්‍රවේශම් සහගත දැක්මකින් මෙය විශ්ලේෂණය කරන බව පෙනෙන්නට තිබේ. ජාතික ජන බලවේගයේ නායකයා මහජනතාවගේ සිතුම් පැතුම් පිළිබඳ මෙතෙක් පහළ වූ ජනාධිපතිවරුන්ට වඩා මනා අවබෝධයකින් පසුවන බව සැබෑ නමුත්, ඉදිරියේ දී ඇති වන අර්බුදවලට මුහුණ දෙමින් ඒවා සමනය කරගන්නට බුද්ධිමත් විය යුත් බවත්, ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් මතු නොවුණු නායකත්ව හැකියාවන් ඉස්මතු කොට ගත යුතු බවත් සඳහන් කොට තිබිණි. මේ ජනාධිපතිවරණය පවත්වන ලද්දේ දරුණු ආර්ථික පසුබෑම්, පිරිහී ගිය ආර්ථිකය, ඉහළ යන උද්ධමනය ආදී ජනතාවට පීඩා සිදුවන කාරණයන් දැඩිව පවතින වාතාවරණයක් මධ්‍යයේය.

අල් ජසීරා දේශපාලන විශ්ලේෂකයින් ප්‍රකාශ කළේ රාජ්‍ය පරිපාලනය තුළ මුල් බැසගෙන ඇති දැඩි නිලධාරීවාදී දේශපාලන සංස්කෘතියක් තුළ තුළ දිසානායක අපේක්ෂා කරන අර්ථවත් ප්‍රතිසංස්කරණ පහසුවෙන් ඉටුකර ගත හැකි ද යන්න අවිනිශ්චිත බවය. ජාතික ජන බලවේගය සහ එහි ප්‍රධාන කොටස්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමාංශික කොටස්කරුවන්, තරුණයක් ඇතුළුව රටේ බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත වුව ද, කිසිදා විධායක බලය හිමිකරගෙන නොමැති බවත්, ආර්ථික හා ජාත්‍යන්තර වශයෙන් දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අත්දැකීම් නොමැතිකම බාධාවක් විය හැකි බවත් එම නාලිකාව පෙන්වා දෙයි.

මීට අමතරව, ඉන්දියාව සහ චීනය ඇතුළු ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍ර රටවල් සමඟ සංකීර්ණ සබඳතා පවත්වාගෙන යාම දිසානායක කරගෙන යා යුතු බව අල් ජසීරා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ උන්නතිය උදෙසා තීරණාත්මක වන විදේශ ආයෝජන, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ භූ දේශපාලනික ස්ථානගත කිරීම් පිළිබඳ නව ජනපතිවරයාගේ තීරණ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයකින් පසුවන බවත් එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටී.

අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය තුළින් ජාත්‍යන්තර ප්‍රජාවට ලැබෙන්නේ කුමනකාර පණිවිඩයක් ද යන්න පිළිබඳ බීබීසී පුවත් සේවය සිය අවධානය යොමු කරන බව පෙනේ. ඔවුන් සඳහන් කරන්නේ මෙය දකුණු ආසියානු දේශපාලනය තුළ සිදු වූ කැපී පෙනෙන වාමාංශික බල විතැන්වීමක් බවය. ඔවුන් සඳහන් කරන්නේ දිසානායකගේ ජයග්‍රහණය වූ කලී ජනප්‍රියවාදී, වාමාංශික නායකයන් කෙරෙහි ලෝකයේ විවිධ රටවල් තුළ වර්ධනය වෙමින් පවතින ආකර්ෂණීය ප්‍රවණතාවක් බවය. බීබීසී පුවත් සේවය සිය විශ්ලේෂණය තුළින් දිසානායකගේ ඉස්මතු වීම ලතින් ඇමරිකාවේ සහ යුරෝපයේ අනෙකුත් ප්‍රගතිශීලී නායකයින්ගේ නැගීම සමඟ සංසන්දනය කිරීමක් දක්නට හැකිය. මෙය විෂම ආර්ථික තත්ත්වයන්ට ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වූ නව ලිබරල් ප්‍රතිපත්තිවලට ප්‍රතිචාර වශයෙන් වාමාංශික ව්‍යාපාරවල ගෝලීය නැගී සිටීමක් ලෙස සනිටුහන් කළ හැකි බව ද දක්වා තිබේ. ශ්‍රී ලාංකික පුරවැසියන් මත බදු බර අඩු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ණය දෙන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා කිරීමට දිසානායක දුන් පොරොන්දු බීබීසීය ඉස්මතු කළේය. කෙසේ වෙතත්, ගෝලීය ආර්ථික පද්ධතියේ පීඩනය සහ විදේශ ආයෝජන සහ ආධාර සඳහා ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, මෙම අභිලාෂයන් සාක්ෂාත් කරගත හැකිද යන්න පිළිබඳව ද වාර්තාව සැක පළ කර තිබේ.

නව ජනපතිවරයාගේ පත්වීම පිළිබඳ විදෙස් මාධ්‍ය මතු කළ පොදු කාරණා කිහිපයක් ද සඳහන් කළ හැකිය. දූෂණය, ඥාති සංග්‍රහය සහ අකාර්යක්ෂමතාව බහුල වශයෙන් පෙන්නුම් කළ දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප වූ අවස්ථාවක් ලෙස ලෝකයේ බොහෝ මාධ්‍ය ප්‍රකාශ කර සිටියි. වසර ගණනාවක් ආර්ථික කැලඹීම්වලින් පසු රටේ දේශපාලන ගමන් මග නැවත පිහිටුවීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ද මේ පිළිබඳ සඳහන් කරන බව පෙනේ.

තවද, දිසානායකගේ තේරී පත්වීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නැවත සකස් කිරීමට හේතු විය හැකි බව බීබීසි පුවත් සේවය සඳහන් කළේය. පසුගිය රජයයන් ඉන්දියාව සහ චීනය යන රටවල් සමග සබඳතා හැසිරවීම පිළිබඳ ඔහු සිදු කළ විවේචන නිසා නව රජය පුළුල් ඉන්දු පැසිෆික් භූ දේශපාලන රාමුව තුල ස්ථානගත වන්නේ කෙසේද යන්න පිලිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කර ඇති බව ද සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අර්බුද ආමන්ත්‍රණය කිරීමේ දී දිසානායකගේ ජනාධිපති ධූරය, කලාපීය බලවතුන් අතර තුලනය වන ආකාරය බටහිර රටවල්, විශේෂයෙන් එක්සත් ජනපදය, සමීපව නිරීක්ෂණය කරනු ඇති බවත් බීබීසී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මීට අමතරව නව ජනපතිවරයාගේ පත්වීම පිළිබඳ විදෙස් මාධ්‍ය මතු කළ පොදු කාරණා කිහිපයක් ද සඳහන් කළ හැකිය. දූෂණය, ඥාති සංග්‍රහය සහ අකාර්යක්ෂමතාව බහුල වශයෙන් පෙන්නුම් කළ දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප වූ අවස්ථාවක් ලෙස ලෝකයේ බොහෝ මාධ්‍ය ප්‍රකාශ කර සිටියි. වසර ගණනාවක් ආර්ථික කැලඹීම්වලින් පසු රටේ දේශපාලන ගමන් මග නැවත පිහිටුවීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ද මේ පිළිබඳ සඳහන් කරන බව පෙනේ.

දිසානායක සිදු කරන්නට බලාපොරොත්තු වන දේශපාලන ප්‍රතිසංස්කරණ දෙස ද ජාත්‍යන්තර මාධ්‍ය සිය අවධානය දැඩිව යොමු කරගෙන සිටින බව පෙනෙන්නට තිබේ. දූෂණයට එරෙහිව කටයුතු කිරීම, ආර්ථිකය යළි ගොඩනැගීම සහ දුක් විඳින ජනතාවට සහන සැලසීම පිළිබඳ ඔහුගේ පොරොන්දු පිළිබඳ ද විශේෂ අවධානයකින් පසුවන බව පෙනේ. ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක් ඔහුගේ ජයග්‍රහණය දකින්නේ තරුණ ඡන්දදායකයින් බොහොමයක් අනුර කුමාර දිසානායක වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන්නට හේතුව තමන් අපේක්ෂා කරන ලෝකය ඔහු විසින් ගොඩනගනු ඇති බවට විශ්වාසයක් පැවති නිසා බවය. ඔහු විසින් සෑම විටම සඳහන් කරන ලද සමාජ සාධාරණත්වය සහිත පාලනයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වනු ඇති ද යන්න පිළිබඳවත් ජාත්‍යන්තර මාධ්‍ය සිය ඇස යොමු කරගෙන සිටියි.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය ද අවධාරණය කරන්නේ දිසානායක බලයට පත්වීමත් සමඟ ඇති වන අවිනිශ්චිතතාවයයි. ඔහුට පාලන අත්දැකීම් නොමැතිකම, බංකොලොත් ආර්ථිකයක් සමඟ ගනුදෙනු කිරීමේ අභියෝග සහ සංකීර්ණ ජාත්‍යන්තර සබඳතා කළමනාකාරයේ දී ඇති පීඩනය ඔහු ජයගත යුතු බාධක බව සඳහන් කරයි. ජනතාවාදී විපක්ෂ නායකයෙකුගේ සිට ප්‍රායෝගික සහ දක්ෂ රාජ්‍ය නායකයෙකු දක්වා ඔහු කෙතරම් ඵලදායි ලෙස සංක්‍රමණය විය හැකිද යන්න මත ඔහුගේ ජනාධිපති ධූරය නිර්වචනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර