ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජැකලින්ට 2024 වසරේ වඩාත් සුන්දරතම නිර්මාංශ තරු යුගල සම්මානයක්!

බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පිනියක වූ ජැකලීන් ෆර්නැන්ඩස් සහ රංගන ශිල්පියකු වූ රිතේෂ් දේෂ්මුක්, ඉන්දියාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සත්ත්ව හිමිකම් සංවිධානයක් වන PETA (People for the Ethical Treatment of Animals – සතුන්ට සදාචාරාත්මකව සැලකිලි දැක්වීම සඳහා වූ ජනතාව) වෙතින් 2024 වසරේ වඩාත් සුන්දරතම නිර්මාංශ තරු යුවල ලෙස අභිෂේක කරමින් සම්මානයක් පිරිනැමූ බව පසුගිය 14 වැනිදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබිණි. ඔවුන් සත්ත්ව සුබසාධනය සහ කරුණාවෙන් පිරි ජීවන ශෛලියක් අනුගමනය කිරීම මෙසේ සම්මානයට පාත්‍ර වීමට මූලික හේතුවක් බවට පත්ව තිබිණි. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් තාරකාවක වන ජැකලින් මෙසේ සම්මානයට පාත්‍ර වීම ශ්‍රී ලාංකික සත්ත්ව ලෝලීන්ට, සත්ත්ව හිමිකම් ක්‍රියාකරුවන්ට, අහිංසාවාදීන් ඇතුළු බොහෝ දෙනෙකුට සුබදායි පුවතක් වනවා නිසැකය. මෙයට පෙර ඉන්දියාවේ සීනාත් අම්මාන්, ජැකී ෂෙරොෆ්, ෆාතිමා ෂායික්, රාජ්කුමාර් රාවෝ, ආලියා භාත්, අක්ෂේ කුමාර්, ශ්‍රද්ධා කපූර්, අනුෂ්කා ෂර්මා, විද්‍යුත් ජම්වාල්, ෂාහිඩ් කපූර්, රේඛා සහ අමිතාභ් බච්චාන් ද මේ සංවිධානය විසින් සම්මානයට පාත්‍ර කරනු ලැබිණි.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජැකලීන්, ඉන්දියාවේ බොලිවුඩ් සිනමාලොලීන්ගේ ඉමහත් ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියකි. ශ්‍රී ලාංකික පියෙකුට සහ මැලේසියානු මවකට දාව උපන් ජැකලීන් සිය ජීවිතයේ මුල් සමය ගත කළේ බහරේන්වල වූ අතර පසුව බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළින් ජීවිතය ජය ගැනීම සඳහා ඉන්දියාවට පැමිණියාය. ගෙවුණු දශක කිහිපය තුළ ඇය ‘කික්’, ‘හවුස්ෆුල් 3’ සහ ‘ජුද්වා 2’ වැන අතිශය සාර්ථකත්වයට පත් දැවැන්ත බොලිවුඩ් සිනමා නිර්මාණයන්ට දායක වෙමින් සිය නම එහි සනිටුහන් කරගන්නට සමත් වූවාය.

ජැක්ලින් සහ රිතේෂ්

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජැකලීන්, ඉන්දියාවේ බොලිවුඩ් සිනමාලොලීන්ගේ ඉමහත් ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියකි. ශ්‍රී ලාංකික පියෙකුට සහ මැලේසියානු මවකට දාව උපන් ජැකලීන් සිය ජීවිතයේ මුල් සමය ගත කළේ බහරේන්වල වූ අතර පසුව බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළින් ජීවිතය ජය ගැනීම සඳහා ඉන්දියාවට පැමිණියාය. ගෙවුණු දශක කිහිපය තුළ ඇය ‘කික්’, ‘හවුස්ෆුල් 3’ සහ ‘ජුද්වා 2’ වැන අතිශය සාර්ථකත්වයට පත් දැවැන්ත බොලිවුඩ් සිනමා නිර්මාණයන්ට දායක වෙමින් සිය නම එහි සනිටුහන් කරගන්නට සමත් වූවාය.

ජැක්ලින් සහ රිතේෂ්

රිදී තිරය මත සිය නම රන් අකුරින් සනිටුහන් කරගන්නවාට අමතරව ඇය සත්ත්ව හිමිකම් සහ පාරිසරික තිරසාරත්වය පිළිබඳ ක්‍රියාකාරී ලෙස කටයුතු කළාය. පිරිපුන් ජෛව විවිධත්වයක් සහිත රටක් වූ ශ්‍රී ලාංකික උරුමය, ඇය තුළ සතුන් කෙරෙහි දයානුකම්පාවක් සහ ඔවුන් ආරක්ෂා කළ යුතුය යන ආකල්ප වර්ධනය වන්නට හේතු වූ බව කිහිප විටක්ම පවසා තිබිණි. සිය වෘත්තිය ජීවිතය තුළ ඇය, නිර්මාංශ වීමේ ප්‍රතිලාභ, සතුන්ට හිංසා වීම් අවම කරන්නට ක්‍රියාකාරීව කටයුතු කිරීම සහ එය පරිසරය කෙරෙහි ඇති කරනු ලබන යහපත් බලපෑම පිළිබඳ නිරන්තරව ජනතාව දැනුවත් කරන ඉන්දීය සංවිධානයක් වන PETA සමග ඉතා සමීපව කටයුතු කළාය.

“මිනිසුන්ට පමණක් නොව සතුන්ට සහ මේ ලෝකයට මෛත්‍රිය, කරුණාව දැක්වීමේ බලය මා නිතරම විශ්වාස කළ දෙයක්.” සිය අගැයීම පිළිබඳ අදහස් දක්වා සිටිමින් ජැකලීන් පැවසුවාය. “මා විසින් ජීවිත කාලය තුළ කරන ලද හොඳම තේරීම්වලින් එකක් වන්නේ ශාක මූලික කරගත් ආහාර රටාවකට හුරුවීමයි. මෙය PETA සංවිධානය විසින් අගැයීමකට ලක් කිරීම ගැන මම මහත් සතුටට පත් වෙනවා. බොහෝ දෙනෙක් මෛත්‍රියේ චාරිකාවට එකතු වේ යැයි මම බලාපොරොත්තු වෙනවා.” ඇය තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියාය.

මේ සම්මාන පිරිනැමීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ PETA India යනු සත්ත්ව හිමිකම් වෙනුවෙන් ක්‍රියාකරන ජාත්‍යන්තර සංවිධානය වූ PETA හි ඉන්දීය ශාඛාවය. ලාබ ලැබීමේ අරමුණකින් තොරව පවත්වාගෙන යන මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ග්‍රිඩ් නිව්කර්ක් සහ ඇලෙක්ස් පැචේකෝ විසින් 1980 වසරේ දී ආරම්භ කරන ලද්දකි. සතුන්ට සිදුවන විවිධ අකටයුතුකම්, හිංසාවන් ආදියට එරෙහි වීම සඳහා මිනිසුන් ඒකරාශී කිරීම මේ සංවිධානය ඔස්සේ ඔවුන් විසින් සිදුකරන ලදී. මේ සංවිධානය, ආහාර සඳහා සත්ත්ව ගොවිපොළවල් ඇති කිරීම, විද්‍යාගාර පරීක්ෂණ සඳහා සතුන් යොදා ගැනීම, ඇඳුම් පැලඳුම් සඳහා සත්ත්ව සම් භාවිතය සහ වනජීවි සංරක්ෂණය වැනි කාරණා සම්බන්ධව මූලික කටයුතු කරයි. ඔවුන් මේ වැඩසටහන් සඳහා සත්ත්ව හිංසාවට එරෙහි සහ නිර්මාංශයට හිතැති කීර්තිමත් පුද්ගලයන් සම්බන්ධ කර ගැනීම සිදු කරයි. තමාට අවශ්‍ය පණිවිඩය බහුතරයක් අතරට යැවීම ඔවුන් මේ තුළින් අපේක්ෂා කරයි. ‘සතුන් යනු අපගේ ආහාරයට, ඇඳුම් පැලඳුම්වලට, පරීක්ෂණයන්ට, විනෝදවීමට හෝ වෙන ඕනෑම ආකාරයක අපයෝජනයන්ට ලක්විය යුතු කොට්ඨාශයක් නොවේ’ යන්න මේ සංවිධානයේ ආදර්ශ පාඨය වී තිබේ. PETA India යනු මේ සියලු කාරණාවන්ට එකඟව ඉන්දියාව තුළ ක්‍රියාත්මක සංවිධාන ශාඛාවය.

ජැකලින් ෆර්නැන්ඩස්

PETA සංවිධානය සත්ත්ව හිංසාව සහ නිර්මාංශ ආහාර භාවිතය ප්‍රවර්ධනය කරනවාට අමතරව, නිර්මාංශ ජීවන ශෛලියක් ඇති කිරීම සඳහා ද ප්‍රමුඛව කටයුතු කරයි. මෙහි මව් සංවිධානය ද සිය කටයුතු සඳහා කීර්තිමත්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සහයෝගය ලබා ගන්නා හා සමානව, ඉන්දියාවේ එවැනි පුද්ගලයන්ගේ සහාය ද මෙය යොදාගැනීම නිරන්තරයෙන්ම දකින්නට හැකි දෙයකි. ජැකලීන් සහ රිතේෂ් සමග එක්ව ඉදිරි වර්ෂය තුළ සිය අරමුණු සම්බන්ධව බහුතරයක් දෙනා දැනුවත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

ජැකලින් ෆර්නැන්ඩස්

PETA සංවිධානය සත්ත්ව හිංසාව සහ නිර්මාංශ ආහාර භාවිතය ප්‍රවර්ධනය කරනවාට අමතරව, නිර්මාංශ ජීවන ශෛලියක් ඇති කිරීම සඳහා ද ප්‍රමුඛව කටයුතු කරයි. මෙහි මව් සංවිධානය ද සිය කටයුතු සඳහා කීර්තිමත්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සහයෝගය ලබා ගන්නා හා සමානව, ඉන්දියාවේ එවැනි පුද්ගලයන්ගේ සහාය ද මෙය යොදාගැනීම නිරන්තරයෙන්ම දකින්නට හැකි දෙයකි. ජැකලීන් සහ රිතේෂ් සමග එක්ව ඉදිරි වර්ෂය තුළ සිය අරමුණු සම්බන්ධව බහුතරයක් දෙනා දැනුවත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ. මෙවැනි වැඩසටහන් සඳහා කීර්තිමත් පුද්ගලයන් සම්බන්ධ කර ගැනීම තුළින් පසුගිය කාලය පුරා සිය පණිවිඩය කෝටි සංඛ්‍යාත ජනතාවක් කරා ව්‍යාප්ත කරන්නට ඔවුන්ට හැකියාව ලැබිණි.

රිතේෂ් දේෂ්මුක්

ඉන්දියාව කාලාන්තරයක් තිස්සේ ලෝකයේ ජනාදරයට පාත්‍ර වී ඇත්තේ බහුතරයක් නිර්මාංශකයින් වාසය කරන රටක් ලෙසිනි. එබැවින් මෙවැනි සංවිධානවලට ඉන්දියාව තුළ සිය පණිවිඩය ව්‍යාප්ත කිරීම වඩාත් පහසුදායකය. බොලිවුඩ් රංගන ශිල්පීන්ගේ සහයෝගය තුළින් එය වඩාත් වේගවත් වෙයි.

ජැක්ලීන් ෆර්නැන්ඩස් සහ රිතේෂ් දේෂ්මුක් 2024 වසරේ වඩාත් සුන්දරතම නිර්මාංශික කීර්තිමත් පුද්ගලයන් ලෙස සම්මානයට පාත්‍ර වීම යම් තනි පුද්ගලයකුට කරුණාවන්තභාවය සහ තිරසාරත්වය කෙතරම් හොඳින් සමාජය තුළ ව්‍යාප්ත කිරීමේ හැකියාව තිබේද යන්න අපට යළි යළිත් සිහිපත් කරදීමේ දිරිගන්වන සුළු පණිවිඩයක් ලබා දෙයි. මේ රංගන ශිල්පීන් දෙදෙනා තමාට ලැබෙන සෑම අවස්ථාවක්ම සතුන්ට කරුණාවන්තව සැළකිලි දැක්වීම ධෛර්යමත් කිරීම සඳහා ජනතාව දිරිගැන්වීමේ කටයුත්තේ යෙදී සිටියි.

PETA ජාත්‍යන්තර සංවිධානයේ නිර්මාතෘවරියක වන ඉන්ග්‍රිඩ් නිව්කර්ක් සත්ත්ව හිමිකම් සම්බන්ධව ඉන්දියාවේ සංවිධානය කරන ලද වැඩසටහනකට සහභාගී වෙමින්.

PETA India සංවිධානය ද හිංසාවෙන් තොර, ශාක මූලික කර ගත් ජීවන ශෛලියක් වෙනුවෙන් දිරිමත් කරමින් සතුන්ටත් සමස්ත ලෝකයටත් සුවබර වටපිටාවක් ගොඩනැගීමේ කර්තව්‍යයට ඉන්දියානුවන් දායක කරගැනීමේ උත්සාහය අඛණ්ඩව කරගෙන යයි. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් රංගන ශිල්පිනියක් සත්ත්ව හිංසාවට එරෙහිව කටයුතු කිරීම තුළින් ලද සම්මානය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලාංකිකයන් ද අහිංසාව, නිර්මාංශ ජීවන ශෛලිය, සත්ත්ව හිමිකම් සුරැකීම ආදිය ශ්‍රී ලංකාව තුළ ද වඩ වඩාත් ව්‍යාප්ත කිරීමේ කාර්යයට සක්‍රියව දායක වන්නට අධිෂ්ඨාන කරගත යුතු කාලය එලැඹ තිබේ. මේ සම්මානය තුළින් ශ්‍රී ලාංකිකයන් ලබා ගත යුතු පණිවිඩය වන්නේ එයය.

PETA ජාත්‍යන්තර සංවිධානයේ නිර්මාතෘවරියක වන ඉන්ග්‍රිඩ් නිව්කර්ක් සත්ත්ව හිමිකම් සම්බන්ධව ඉන්දියාවේ සංවිධානය කරන ලද වැඩසටහනකට සහභාගී වෙමින්.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය