ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට හේත්තු කිරීමට වෙර දරන පිරිසක් තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.එහෙත් ඔවුන් ගේ නම් කිව නොහැකි බව ද මන්ත්‍රී වරයා කියයි. අද(31)ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය