ශ්‍රීලනිප සහායත් ආණ්ඩුවට

නව ආණ්ඩුව පිහිටුවීම සදහා සහාය දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.එම පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.මුල දී නව ආණ්ඩුව හා සම්බන්ධ නොවී කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ ද රටේ පවත්නා තත්වය සළකා ආණ්ඩුවට සහාය දිය යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු කළ ඉල්ලීම අනුව පක්ෂය දෙකට බෙදීම වළක්වා ගනු පිණිස මෙම තීරණය ගෙන තිබේ.ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් දෙදෙනකුට පමණ අමාත්‍ය පදවි හිමි විය හැකි බවට ද අනුමාන කෙරේ.

කාලීන පුවත්