ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩි කර ඇත්තේ ඉතා සුළුවෙන්

ශ්‍රී ලංකාවේ මිල වැඩි කර ඇත්තේ ඉතා සුළුවෙන් ලෝකයේ ඉන්ධන මිල වැඩිවීම සමග බලන විට ශ්‍රී ලංකාව ඉතාම හොඳ තත්ත්වයක පවතින බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසීය.අද වන විට ලෝකයේ ඉතා විශාල වශයෙන් ඉන්ධන මිල වැඩි කර තිබියදී ශ්‍රී ලංකාවේ මිල වැඩි කර ඇත්තේ ඉතා සුළු වශයෙන් බව ද ඇමති වරයා පැවසීය.යම් යම් කරුණු මත මේ වන විට ජනතාව පීඩාවට පත්ව සිටින බව සැබෑ වුවත් ජනතාවට හැකිතාක් සහන සලසමින් වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙන යා හැකි බව ඔහු කීය.නමුදු පසුගිය දිනවල කොවිඩ් අරමුදලට ආධාර නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිසානායක මහතා කියා සිටියේ තමන්ගේ මුළු වැටුපම බැංකු ණයකට කැපෙන බැවින් තමන් ද බිරිඳගේ වැටුපෙන් ඉතා අසීරුවෙන් ජීවත් වන නිසා එවැන්නක් කළ නොහැකි බවය.

කාලීන පුවත්