ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරක නිරාවරණය හෙට

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය නිරාවරණය කිරීමේ උත්සවය මෙම 09 දින(හෙට ) පෙරවරු 10ට කුරුණෑගල, පාදෙණිය ඔස්සේ වැටීගත් මාර්ග අංක 57 දරණ කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, සෙනරත්ගම පූලංචිය වැව අද්දර “ගිමන්හල” පරිසර උද්‍යානයේදී සිදු කෙරේ.

ගල්ගමුවේ වනගහනයන් හි ජීවත්ව සිටිය දී ඛේදනීය අකල් මරණ වලට ලක් වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා ‍යන ඇත් රජුන්ගේ සජීවී රූපකායන් සමඟ ක්ෂීරපායි,පක්ෂි,මත්ස්‍ය, සමනල, උරග යන සත්ව ප්‍රජාව සංකේතවත් කරන බිතු කැටයමකින් යුතු මෙම ස්මාරකය එය තැනූ අහිංසා ශ්‍රී ලංකා සත්ව අහිංසා සංවිධානය විසින් ගල්ගමුව ප්‍රාදේශීය සභාව වෙත භාර දීම මෙහි දී සිදු කෙරේ එම වැඩ සටහන සම්බන්ධ න්‍යාය පත්‍රය මෙසේ ය.

01. ආගම සිහිකිරීම

02. පිළිගැනීමේ කතාව – ගල්ගමුව ප්‍රාදේශවාසීන් වෙනුවෙන් – ක්‍රිශාන්ත ප්‍රසාද් නන්දසේන මහතා

03. ස්මාරකය තැනීමේ පසුබිම් කතාව-තිලක් සේනාසිංහ මහතා (ව්‍යාපෘති සහ සම්බන්ධීකරණ අධ්‍යක්ෂ-අහිංසා ශ්‍රී ලංකා සංවිධානය)

04. නිර්මාණ කාරිය පිළිබඳව පැහැදිලි කිරීම- ස්මාරකයේ නිර්මාණ ශිල්පී ජේ. රත්නායක මහතා

05. ව්‍යාපෘතියේ අරමුණ සහ ඉදිරිගමන් මඟ පිළිබඳව පැහැදිලි කිරීම හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ මහතා; (මෙහෙයුම් අධ්‍යක්ෂ, අහිංසා ශ්‍රී ලංකා සංවිධානය)

06. ස්මාරකය ගල්ගමුව ප්‍රාදේශීය සභාවට නිල වශයෙන් භාර දීම

(අ ).සන්නස් පත්‍රය භාරදීම

(ආ).ඇත් පිළි රූ නිවාරණය

(ඇ).ඵලකය නිරාවරණය

07. ස්මාරකය භාර ගැනීම සහ ඉදිරි ගමන් මඟ පැහැදිලි කිරීම – ගල්ගමුව ප්‍රාදේශීය සභා සභාපති එච් .කේ. විමලරත්න මහතා

08. ගිමන්හල උද්‍යානයේ ප්‍රවර්ධනාත්මක කටයුතු උදෙසා අනුග්‍රහය දැක්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංසදයේ ශාන් ශන්මුගරාජා මහතා හඳුන්වා දීම සහ ඒ මහතා සභාව ඇමතීම

09. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සභාවෙන් අදහස් විමසුමක්

10. මුඛ්‍ය ආරාධිත දේශනය – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා

11. ස්තුති කතාව- ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් රත්නායක මහතා වැඩ සටහන ඉදිරිපත් කිරීම රසික ශිරන්ත මහතා ඉහත සඳහන් අවස්ථාවට එක් වන මෙන් අහිංසා ශ්‍රී ලංකා සංවිධානය සහ ගල්ගමුව ප්‍රාදේශීය සභාව සත්ව හිමිකම් පිළිබඳ උනන්දුවක් පළ කරන සැමගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්