ශ්‍රී ලංකාවේ භූ චලන ගැන අලුත් තොරතුරක්

ශ්‍රී ලංකාවට භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති වීමට නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, එම්.එම්.ජේ.ඒ.අජිත් ප්‍රේමා සදහන් කරයි.

ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 900 ත් 1000ත් අතර දුරකින් එම අවදානම මතුව ඇති බව අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සදහන් කරයි.

මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භු චලන 09ක් වාර්තා වී ඇති බවය.

මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ භූ චලන 09ක් මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද එම කාර්යංශය පැවසීය.

ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ දි සිදුව තිබේ. ‍

කාලීන පුවත්