ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කිසිදු හේතුවක් නැතැයි ජිනීවා හි සිම්බාබ්වේ නිත්‍ය නියෝජිත ස්ටුවට් හැරල්ඩ් මහතා සදහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ අරමුණ සමග තම රටද සිටින බව ඔහු පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ කැමැත්තකින් තොරව සකස් කර ඇති මෙම යෝජනාව මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාමාජික රටවල් සමග සමීපව කටයුතු නොකරන බවයි. එබැවින් අදාළ යෝජනාව තවදුරටත් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රය තුළ තබා ගැනීමට කිසිදු හේතුවක් නැතැයි ස්ටුවඩ් හැරල්ඩ් මහතා අවධාරණය කරයි.