ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අන්තර්ජාලයේ බිඳ වැටීමක්

බෙංගාල බොක්ක ආසන්න මුහුද යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් හට ගෙන ඇති බව දුරකථන සේවා සමාගම් පවසයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ ජංගම දුරකථන සේවා සැපයුම් කරුවකු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ  අන්තර්ජාල සබඳතාව වරින්වර විසන්ධි වීමක් හෝ වේගය අඩු වීමක් සිදු වීමට ඉඩකඩ තිබෙන බවයි.

නමුත් දුරකථන සේවා සපයන සමාගම් මෙය යථා තත්ත්වයට පත් කරන දිනයක් හෝ වෙලාවක් සඳහන් කර නොමැත.

කාලීන පුවත්