ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ ධන සංචිත හිඟයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා වනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.දැනටමත් ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක් නිර්මාණය වී ඇති බවද කියා සිටින රොයිටර් පුවත් සේවය ශ්‍රී ලංකාව සිය ආහාර සැපයුම් වලින් විශාල ප්‍රමාණයක් ආනයනය කරන බවත් විදේශ සංචිත පහත වැටීම සහ රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ආනයන සීමා කිරීමට සිදු වීම මත අර්ධ වශයෙන් ආහාර හිගයක් ඇති වී තිබෙන බව ද වාර්තා කරයි.මීට අමතරව කොරෝනා ව්‍යාප්තිය සහ ආහාර නිෂ්පාදනය බහත බැසීම හේතුවෙන්ද සැපයුම් වලට බාධාවක් වී ඇතැයි එම වාර්තාවන් කියා සිටියි.
නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දීසිටින බවට බීබීසී අල් ජසීරා ඇති වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීම කුමන්ත්‍රණයක් බවය.