පසුගිය 15 වන දා පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවීම සම්බන්ධව අද(17) විශේෂ පරීක්ෂණයක් පැවැත් වූ බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසයි.ඒ අනුව එම ප්‍රශ්න පත්‍රයේ ඇති සෙසු ප්‍රශ්න 37 සලකා බලා කිසිදු ශිෂ්‍ය ශිෂ්‍යාවකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කිරීමට තීරණය කළ බවද ඒ මහතා සඳහන් කරයි.එසේම මෙම ප්‍රශ්න 03 පිටවීම සම්බන්ධව පසුව විධිමත් පුළුල් පරීක්ෂණයක් සිදු කොට ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගන්නා බව ද ඒ මහතා පවසයි.