ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සිද්ධිය විමසන්න විශේෂ පරීක්ෂක කණ්ඩායමක් අලව්වට

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සිද්ධිය විමසන්න මෙවර විශේෂ පරීක්ෂක කණ්ඩායමක් අලව්වට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂක කණ්ඩායමක් අද (18) අලව්ව ප්‍රදේශයට පිටත්ව ගිය බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.එම කණ්ඩායම අදාළ සිද්ධියට සම්බන්ධ බව කියන ගුරුවරයා ඇතුළු පාර්ශ්වවලින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටී.එහිදී හෙළිවන කරුණු අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු ප්‍රකාශ කරයි.මේ අතර සිසුන්ට අසාධාරණයක් නොවනු පිණිස 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ එම ප්‍රශ්න 3ක් ඉවත් කිරීමට තීරණය කර තිබේ.ඒ මෙම සිදුවීම සම්බන්ධයෙන් පාලක පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කාලීන පුවත්