ලබන 15 වනදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සමගාමීව පවත්වන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්රණ හෝ දේශන නැතහොත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රි 12 වන විට නතර කළ යුතු බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වැනි දින පෙරවරු 9.30ට ආරම්භ වන අතර එය 10.45 තෙක් පැවැත්වෙනු ඇති.
පළමුව ලැබෙන්නේ පිළිතුරු ලිවීම සඳහා දෙවැනි පත්‍රය බව ද විභාග කොමසාරිස්වරයා පවසයි.
ඉන් අනතුරුව පෙරවරු 11.15 සිට දහවල් 12.15 තෙක් පළමු පත්‍රයට පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවනු ඇති.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් ව ඇති අතර එහි සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092ක් ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක් ද පෙනී සිටිනවා.
විභාග මධ්‍යස්ථාන 2849ක දී සහ විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 491ක දායකත්වයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.