ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2021 වර්ෂය සඳහා වන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.එම නිවේදනයේ සඳහන් වන පරිදි මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයට වන අතර එම ලකුණු සංඛ්‍යාව 179 කි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට දෙවැනි ස්ථානය හිමිව ඇති අතර එය ලකුණු 178ක් ලෙස සඳහන්. වෙයි.කොළඹ ආනන්ද විද්‍යාලයට මෙවර කඩයිම් ලකුණු ලෙස හිමිව ඇත්තේ, 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ද අයත් ව තිබේ.

කාලීන පුවත්