ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවහනේ දී ය.ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණි අතරඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක් ව තිබීම සුවිශේෂත්වයකි.
සාමාන්‍ය ජිවිතයේ දී අතිශය සරල,නිහතමානී අල්පේච්ඡ ජිවිතයක් ගතකරන පූජක උතුමකු ලෙස උන් වහන්සේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසුලන්නාහ. එපමණක් නොව දුප්පතුන්ට නිතරම දයාවන්ත පියකු වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් දෙවි පියාණන්ගේ අසීමිත දයාව පිළිබඳ ජිවමාන සාක්ෂියක් විය. ශුද්ධ වූ සභාව වඩාත් විවෘත හා කාලානුරුපි විය යුතුයි යන්න සරල,ගේ මතය විය. අසීමිත හා නොහික්මුණු අන්දමින් ධනය රැස් කිරීම හා මාක්ස්වාදි සංකල්පවලට සරල,විරෝධය ප්‍රකාශ කළ අතර දේව නියමයන් ඉතා සරල අයුරින් ජන ගත කිරීමට ද උන් වහන්සේ මහත් වෙහෙසක් දැරූහ. එමෙන්ම මහජනතාව අධිපරිභෝජනයෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හා වගකීම් සහිත වූ සංවර්ධනයක් වෙනුවෙන් එතුමන් හඬ නැගීය. එතුමන් විසින් ප්‍රකාශයට පත්කරන ලද “වේ ප්‍රසංසා” යන විශ්ව ලේඛනය තුළින් දේශගුණ විපර්යාස පිලිබඳ ප්‍රබල ජාත්‍යන්තර කතිකාවතක් ඇති කිරීමට සමත් විය. එමෙන්ම වන සතුන් ගහ කොළ ඇතුළු ස්වාභාවික සම්පත් කෙරෙහි අසීමාන්තික ඇල්මක් පළ කළ උන් වහන්සේ ආගම් භේදයකින් තොරව පවා සැමගේ ගෞරවාදරයට ලක් වූ සැබෑ දයානුකම්පාවේ ප්‍රතිමූර්තියක් විය.

කාලීන පුවත්