ෂොපිං බෑග් සඳහා පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් රජයේ පරිසර අංශවල අවධානය යොමුවී ඇත.
සුපිරි වෙළෙඳසල්වලන් මෙතෙක් නොමිලේ නිකුත් කරන ෂොපිං බෑග් සඳහා යම් මුදලක් අය කළ හැකි බව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නේය.
මේ අනුව කුඩා, මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ ෂොපිං බෑග් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට නියමිත අතර, ඊට අදාළ රෙගුලාසි සකස් කිරීමේ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අරඹා ඇත.
ඉදිරි වසර තුළදී ෂොපිං බෑග් නිෂ්පාදනය සහ වෙළෙඳාම තහනම් කිරීම සම්බන්ධව ද රජයේ පරිසර අංශ අවධානය යොමුකර ඇත.