සක්සූරින් “හිස වනමින්” සතුටින් ඉන්නවා

මේ වන විට තායිලන්තයේ ජනප්‍රියම ඇතා වන සක්සුරින්( ශ්‍රී ලංකාවේ දී මුතු රාජා) දැනට ලම්පෑන්ග් පළාතේ හැන්ග් චැට් දිස්ත්‍රික්කයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ දින 30ක නිරෝධායන කාලයක් පසු කරමින් හිඳින බව සිටින බවත් ඇතා හොඳ මනෝභාවයකින් හිස දෙපසට වනමින් හා ආහාර රස විඳිමින් සිටින බව තායිලන්ත ස්වාභාවික සම්පත් හා පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා-ආචා කීය. දින 30ක නිරෝධායනයක නිරෝධායන කාලයෙන් පසු, පශු වෛද්‍යවරුන් ඇතා පිළිබඳ වඩාත් සවිස්තරාත්මක පරීක්‍ෂාවන් සිදු කරනු ඇත. සක් සූරීන්ට දකුණු ඇසේ ඇසේ සුද ඇති වීම, එහි ඉදිරිපස වම් පාදය නැමිය නොහැකි වීම, උකුල් ප්‍රදේශයේ තුවාල ආසාදනය වී ඇති අතර නියපොතු සහ පාද හතරේම ගැටලු ඇති බව මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් තිබේ.ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තවත් තායි අලි ඇතුන් දෙදෙනෙකු වන ශ්‍රී නාරොං සහ ප්‍රතුපා එහි රැඳී සිටින බව ද වරාවුත් සඳහන් කරයි.. ඔවුන්ව රැකබලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බව පෙනෙන බවත්, ඔවුන්ගෙන් එක් අයෙකු සුළු තුවාල ලබා තිබුණ ද පෙනෙන පරිදි ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහු පැවසීය.ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්වවිද්‍යාල තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය අමතා තායි අලි ඇතුන්ට ඒ සඳහා හැකියාව ඇතැයි පවසමින් ඔවුන් රැකබලා ගැනීමට ඉදිරිපත් වී ඇති බව ද තායිලන්ත ස්වාභාවික සම්පත් හා පරිසර අමාත්‍ය වරයා කීය.

කාලීන පුවත්