සජබයෙන් හත් දෙනෙක් හැර සෙසු සියලු දෙනා යළි එජාපයට එනවා

ඉදිරියේ දී සමගි ජන බලවේගය තුළ හත් දෙනෙකු පමණක් ඉතිරි විී සෙසු සියලු දෙනා යළි එක්සත් ජාතික පක්ෂය හා එක්වන බවත් , එසේ නොවුණහොත් තමන් පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් වන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. සමගි ජන බලවේගය ගොඩනගා වසර දෙකක් ගතවීමට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේ්ක්ෂකයා සම්බන්ධයෙන් ගැටඵ මතු ව ඇති බවත්, මේ වන විට එම කණ්ඩායමෙන් හත් දෙනෙකු ජනාධිපති අපේක්ෂකයා වීමේ සිහින දකිමින් සිටින බවත් හෙතෙම කියයි. මහනුවර ප්‍රදේශයේ ඊයේ(11) පැවති රැස්වීමකට එක් වෙමින් රංගේබණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.එමෙන්ම අද වන විට රට මුහුණ දී සිටින සියලු ප්‍රශ්න හා අර්බුද වලට විසඳුම් සෙවීමට නම් පිල් වශයෙන් නොබෙදී සියලු දෙනා එකතු වී ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පැවසීය.

කාලීන පුවත්